ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD

     
        
ගියවර මම ඔයාලට ඉදිරිපත් කරපු Forex Market හි භාවිතා වන මුදල් වර්ග පිලිබද ලිපිය ඔයාලට මතක ඇති කියල මම හිතනවා..අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Forex Market හි ලාභ ලබා ගන්නා ආකරයයි.හොදින් මෙම ලිපිය කියවා අවබෝද කර ගන්න.අවබෝදය තිබුනොත් ඔයාලට Forex Market හි ගණුදෙනු යෙදිම ඉතා පහසු වේ.

අප ගණුදෙනු යෙදීම සදහා සෑම මුදල් වර්ගයක්ම භාවිතා නොකරයි.මොකද මන් ඔයාලට කලින් ලිපියේ කිව්වා වගේ Major Currency Pair තුලින් මෙන් අනිකුත් Currency Pair වලින් නිවැරදි දත්ත ලබා ගැනිම අපහසු බැවිනි.


Major Currency Pair වලින් වැඩි ලාභ ලබා ගැනීමට අපට හැකිය.මක් නිසාද යත් ඒවට ලැබෙන දත්ත ප්‍රමානයන් වැඩි විමත් ඒවා හුවමාරු වීමේ ප්‍රමානය සාපේක්ශව වැඩි බැවිනි.

අපි දැන් බලමු Forex Market හි ලාභ ලබා ගන්නේ කෙසේද යන වග.මෙතන් සිට මා ඔබට උදාහරණය ලෙස Eur / Usd  Currency Pair එක මේ සදහා භවිතා කරන්නම්.

      


Eur / Usd     BUY   කර ලාභ ලබා ගැනීම.

          ඉහත දක්වා ඇත්තේ මෘදුකාoගයේ Currency Pair ඇති ස්තානයේ ජායාරුපයකි.එයට අනුව, 


EUR / USD                              Bid (Sell)                     Ask (Buy)
                                                  1.3531                         1.3533


මෙම අවස්තාවෙදී ඔබ Buy ගණුදෙනුවක් යෙදුවහොත් ඔබට ලාභයක් ලබා ගැනීමට නම් Ask (Buy)  එනම් 1.3533 ට වඩා Market එක ඉහල යා යුතුය.එනම් 1.3535 න් මෙම ගණුදෙනුව Close කලේ යැයි සිතමු.එනම් අපිට (1.3535-1.3533) = 2ක ලාභයක් ලැබිය හැකිය. මෙම 2ක පිලිබදව මා ඔබට පසු ලිපියකින් පැහැදිලි කරන්නම්.දැනට මෙය 2ක ලාභයක් සේ මතකයේ තබා ගන්න.

අපට Euro හා Usd Currency Pair එකේ Usd වල අගය පහල යාම මතද Buy ගණුදෙනු යොදා ලාභ ලබා ගත හැකිය.එනම් Usd මුදලේ අගය අවප්‍රමාණය වීමෙන් Euro වලට කරන ඉල්ලුම වැඩි වී Euro වල මිල වැඩි වේ.එහිදී Euro Buy කර අපට ලාභ ලාබා ගත හැකි වේ.

Eur / Usd     SELL  කර ලාභ ලබා ගැනීම.


EUR / USD                              Bid (Sell)                     Ask (Buy)
                                                  1.3531                         1.3533
 
මෙම අවස්තාවෙදී ඔබ Sell  ගණුදෙනුවක් යෙදුවහොත් ඔබට ලාභයක් ලබා ගැනීමට නම් Bid (Sell) එනම් 1.3531 ට වඩා Market එක පහල යා යුතුය.එනම් 1.3531 සිට පහලට අපගේ ලාභ පරාසය වේ.1.3529 දී අප ගණුදෙනුව Close කලේ නම් (1.3531-1.3529) = 2 ක ලාභයක් ලැබිය හැකිය.


අපට Euro හා Usd Currency Pair එකේ Usd අගය ඉහල යාම මතද ගණුදෙනු යොදා ලාභ ලබා ගත හැකිය.එනම් Usd මුදලේ අගය වැඩි වීමෙන් Euro වලට කරන ඉල්ලුම අඩු වී Euro වල මිල අඩු වේ.එහිදී Euro Sell  කර අපට ලාභ ලාබා ගත හැකි වේ.

මා ඔබට ඉහතින් පැහැදිලි කලේ Forex Market එකේ ගණුදෙනු යෙදීමෙන් ලාභ ලබා ගන්නා ආකාරය වේ.අප මෙය කොතරම් කිව්වද ඔබ මෙය මෘදුකාoගයේ ප්‍රයෝගිකව සිදු කර පෙරහුරුවක් ලබා ගත යුතු වේ.ප්‍රයෝගික හැදෑරීම Forex වල ක්‍රමවත්ව ලාභ ලබා ගැනීම වර්දනය කරනු ලැබේ.තවද ඔබට කිව යුතු දෙයක් නම් Share Market එකේ මෙන් අඩු මිලට ගෙන මිල වැඩි වු පසු විකුණා ලාභ ලබා ගැනිමක් වෙනුවට මිල වැඩි විම මත මෙන්ම අඩු වීම මතද Forex Market  එකේ ලාභ ලබා ගත හැකි වේ.

එනම් Forex යනු ඉතා වාසි දායක මුදල් සෙවිමේ ක්‍රමයක් බව ඔබට වැටහෙනු ඇත.ඔබ මෙම ලිපිය හොදින් කියවා තේරුම් ගන්න.ඊලග ලිපියෙන් ඔබට ඇතිවිය හැකි ප්‍රශ්න කීපයකට පිලිතුරු මා ලබා දෙන්නම්.එතකන් ඔයාලට

                                                                  ජය වේවා....     

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement