ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD


ඉතින් යාලුවනේ.. කලින් ලිපියෙන් මම ඔයාලට කිව්වා වගේ අද අපට තියෙන්නේ අපි හදා ගත්ත Real Account එක Verify කර ගන්න.ඒ කිව්වේ Nordfx ආයතනයේ අනුමත කර ගන්න.අපි ගණුදෙනු කරන්න Bank Account එකක් Open කලත් අපගේ ජාතික හදුනුම්පත , ලිපිනය බැoකුව ඉල්ලනවනේ.අන්න ඒ වගේ තමයි Nordfx ආයතනයත් ඔයාලගේ තොරතුරු ඉල්ලනවා සාදාගත් Real Account Verify කිරීම සදහා.මොකද අපි මෙහි උපයන මුදල්, මෙහි Register වෙනකොට දාපු නම සදහන් පුද්ගලයාටම ලබා දීම තමයි එයාලගේ ප්‍රතිපත්තිය.

ඒක නිසා අපිට සිදු වෙනවා අපගේ අනන්‍යතාවය පෙන්වීමට හැදුනුම්පත,රියදුරු බලපත්‍රය හෝ Passport එකේ Scan පිටපතක් හා ලිපිනය තහවුරු කිරීම සදහා ඔබගේ නම සදහන් බිල්පතක හෝ බැoකු පොතේ ඔබගේ විස්තර සදහන් ස්තානයේ Scan පිටපතක් Nordfx ආයතනය වෙත ලබා දෙන්න.

අපි එකින් එක බලමු කොහොමද අපි මෙවා Nordfx ආයතනයට යැවීම සදහා සකසා ගන්නේ කියන වග.

1. ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ Passport Scan Copy එක

මෙහිදී ඔබට Passport එක හෝ රියදුරු බලපත්‍රය තිබේ නම් එහි ඔබගේ විස්තර ඇතුලත් කොටස Scan කර යැවිය හැකිය.පෙර පැවති හැදුනුම්පතේ සිoහල ගැටලුවට විසදුමක් ලෙස දැන් ඔබට ඔබගේ ජාතික හැදුනුම්පත ඒ ආකාරයෙන්ම පැති දෙකම Scan කර යැවිය හැකි බව ඉතා සතුටින් කියන්න පුලුවන් යාලුවනේ.වැඩේ ලේස්යි නේද ඔයාලට දැන්.

2. ලිපිනය තහවුරු කිරීමට බිල්පතක් හෝ බැoකු පොතේ Scan Copy එක.

මෙහිදී මා කලින් කී පරිදි ඔබගේ නම සදහන් විදුලි බිල්පතක් හෝ වෙනත් බිල් පතක් හෝ ඔබගේ බැoකු පොතේ ඔබගේ විස්තර සදහන් Scan පිටපතක් යැවිය හැකිය.ඔබ බිල් පත් වල Scan Copy යවනවානම් එම බිල් මාස තුනක් ඇතුලත එකක් වීම අනිවාර්යය වේ.බැoකු පොතේ පිටපතක් පහත දක්වා ඇත



හොදයි එහෙනම් අපි දැන් අපගේ Real Account එක අනුමත කර ගන්න ඕන.Document දෙකම අපි දැන් ලෑස්ති කර ගත්තනේ.මෙහෙමයි Verify කර ගන්නේ අපේ Nordfx  ගිණුම.මුලින්ම ඔයාලගේ Nordfx ගිණුමට ඔයාගේ Account Number , Trader Password  දාලා Log වෙන්න.( Mt4 එක නෙමේ මේ කියන්නේ.දැන් ඔයාලට මතක තියෙන්න ඕන යාලුවනේ මේවා.)

ඉන්පසු පහත රූපයේ පෙනෙන Upload Document කියන තැන Click කරන්න.




Click කරලා එන Window එකේ මුලින්ම,

  • Passport, රියදුරු බලපත්‍රයේ හෝ හැදුනුම්පතේ හරි ඔයාල ගාව දැන් තියෙන Copy එකේ නම දාලා ඊට අදාල Scan Copy එක Upload කරලා Submit කරන්න. 
  • ඊලගට බිල් එකේ හෝ බැoකු පොතේ හරි ඔයාල ගාව දැන් තියෙන Copy එකේ නම පෙර පරිදිම දාලා Upload කරලා Submit කරන්න. 

දැන් වැඩේ හරි යාලුවනේ.දැන් දින 2ක් 3ක් ඇතුලත ඔයාලගේ ගිණුම අනුමත/ Verify වේවි.ඔයාලා වැඩේ හරියටම කලානම් දින 3කට පසුව කොල පාටින් Verified යනුවෙන් දැක ගත හැකි වේ.(පහත පින්තූරය බලන්න.) ඔයාලට Document Submit කල දිනම Account එක Verify කරගැනීමට අවශ්‍යය නම් මගේ e-mail  ලිපිනයට ඔබගේ Nordfx ගිණුමේ Account Number එක එවීමෙන් දිනක් අතුලත Verify කර ගැනීමට හැකි වේ.




එක වැඩක් නම් ඉවරයි.තව කාරණාවක් තියෙනවා කියන්න ඔයාලට.

අපිට Forex Market එකට මුදල් දැමීමට බැoකු ගිණුමක් Open කර ගත යුතු වෙනවා.මා දන්නා පරිදි අපට පහසුම බැoකු වශයෙන් HNB, Ceylan, Commercial, Sampath යන බැoකු හැදින්විය හැකිය.මේවායේ පිළිවෙලින් Visa International Card, Visa,Visa,Web Card නිකුත් කරනු ලැබේ.ඔබට මින් කුමන බැoකුවක හෝ ගිණුමක් තිබේ නම් නැවත ගිණුම් Open කර ගැනීම අවශ්‍යය නොවේ.නමුත් HNB බැoකුවක ගිණුම Open කල දිනම අපට Visa International Card එක ලබා ගත හැකි වේ.එය ඉතා පහසු වේ අපට.

අපට බැoකු මගින් මුදල් Nordfx හි අපගේ ගිණුමේ තැන්පත් කර ගැනීමට මෙම Debit Card භාවිතය ඉතාම පහසු වේ.ඔබ සතුව Credit Card තිබේනම් ඒවාද යොදා ගත හැකිය. 

ඊට පෙර අපගේ Debit Card එක අපගේ Bank Card Center  එකට කතා කර Online Payment සදහා Active කර ගත යුතු වේ.

මෙම Card මගින් අපගේ Nordfx හි ගිණුමට මුදල් තැන්පත් කර ගැනීමට පෙර අප මෙම Card ද Nordfx ආයතනයේ අනුමත කරවා ගත යුතු වේ.ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න. 

1.පියවර

පලමුව Nordfx ගිණුමට Log වී පහත රූපයේ පරිදි Visa & Mastercard Verification - Click කරන්න.



2.පියවර

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් Open වේවි.
එහි Verify New Card - Click  කරන්න.



3.පියවර

දැන් ඔයාට තවත් පිටුවක් Open වෙලා තියෙනවා පේනවනේ.අපි එහි විස්තර හරියටම දාන්න ඕන.මම ඔය පහත දාල තියෙන පින්තූරෙ ඉලක්කම් හා ඊට පහත ඇති එහි හැදින්වීම් අනුව ඔයාල මේක බොහෝම ප්‍රවෙශමට පුරවන්න.




එහි Card Type ඒ විදියටම තියන්න.

1.අoක 16 යුත් ඔබගේ Debit Card අoකය
2.
අoක 16ට පහලින් ඇති ඔබගේ Debit Card පත කල් ඉකුත්විමේ වසර හා මාසය
3.
Debit Card එක පිටුපස ඇති අoක 3
4.ඔබගේ මුල් නම
5.ඔබගේ අග නම

ඉන්පසු නිවැරදිවම මේවා පුරවා රතු කොටුවකින් මා ඔබට පෙන්වා ඇති තැන Tick Mark එක දමා Verify Card - Click  කරන්න.

එවිට ඔබගේ Debit Card එකෙන් $1 ත් $5 අතර ප්‍රමාණයක් ආයතනයෙන් කපා ගන්නවා.මෙම මුදල් ප්‍රමාණය අප Dollar අගයෙන්ම දැනගත යුතු වේ.ඒ සදහා ඔබ ඔබගේ Debit Card එක අයත් බැoකුවේ Card Center එකට (Debit Card එක පිටුපස ඇති Number එකට) කතා කර මෙම අගය Dollar  වලින්ම දැන ගත යුතු වේ.ඔබ මගේ e-mail ලිපිනයට ඔබගේ Nordfx හි Account Number එක ලබා දීමෙන් මට ඔබට මෙම අඩු වු මුදලේ අගය පැවසීමට පුලුවනි.එය බැoකුවෙන් විමසනවාට වඩා ඔබට පහසුවක් වනු ඇත.ඉන්පසු අපගේ Nordfx හි ගිණුමට ලොගින් වී එහි Visa & Mastercard Verification - Click කලාම එන පිටුවේ දකුණු පස කෙලවරේම තියෙනවා හිස් කොටුවක්.ඒකට අප අර Dollar වටිනාකම දමා Verify Button එක Click කරන්න.දැන් ඔබට පහත පරිදි ඔබගේ Debit Card එක Verify වී ඇති අයුරු දැක ගත හැකි වේ.තවද අපගෙන් කපා ගත් Dollar වටිනාකම නැවත අපගේ Nordfx ගිණුමට එකතු වෙනු ලැබේ.



වැදගත්: ( Account Verify කර ගැනීමේදී,Debit Card Verufy කර ගැනීමේදී හා Bonus මුදල් ලබා ගැනීමේදී ඔබට ඉතා ඉක්මනින් එම කටයුතු කර දීමට අපගේ E-mail ලිපිනයෙන් අපව සම්බන්ද කර ගත හැක.)
දැන් අපේ ඒ වැඩේ නම් ඉවරයි යාලුවනේ.ඊලග ලිපියේ සිට අපි ගණුදෙනු යොදන හැටි ඉගෙන ගනිමු.මේ ලිපියේ ගැටලු තියෙනවනම් අහන්න.එතකන් ඔයාලට 

                                                                                        ජයවේවා... 

3 comments

  1. Johnarf  

    Thanks machan

  2. Jerome  

    ela

  3. Unknown  

    උඹ ඊමේල් චෙක් කරන්නෙ නැද්ද බූරුවෝ...

Post a Comment

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement