ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD

ඉතින් කොහොමද ඔයාලට?ඔයාල දැන් ගණුදෙනු Open කරන්න Close කරන්න හොදට දන්නවා නේද?එක පාරක් දෙපාරක් නොව එය කීප සැරයක්ම කොට හොදින් පුරුදු වෙන්න.මොකද ඉක්මනින්ම ගණුදෙනුවක් Open කර ගැනීමට මෙන්ම Close කර ගැනීමටද අපට හොද පුරුද්දක් තියෙන්න ඕනනේ.ඔයාලට මතකයිනේ අපි ගණුදෙනුවක් Open කලාට පසු අපට එනු ලබන Trading Window එක.එහෙම නැත්නම් Order Window එක.එහි කලින් ලිපියේ මම ඔයාලට කිව්ව මතකයි නේද පසුව කියන්නම් කියල කරුණු කීපයක්.අන්න ඒ කරුණු ටික තමයි මම ඔයාලට අද කියල දෙන්න යන්නේ.
මෙම කරුණු ඔයාලා හොදින් අවබෝද කර ගත යුතු වෙනවා.මොකද අපට ගණුදෙනු යෙදීමේදී මම මේ කියන්නා වූ කරුණු ඉතාමත් වැදගත් වන බැවිනි.

හොදයි අපි බලමු එම කරුණු එකින් එක.

Volume කියන එක දැනට Lots කියලා මතක තියා ගන්න.ඊලට ලිපියෙන් අනිවාර්යයෙන්ම ඒ ගැන මම ඔයාලට කියා දෙනවා.

1.Instant Order

ඔයාලා ගණුදෙනුවක් දැමීමට Buy හෝ Sell   Buttons Click කල සැනින් එම ගණුදෙනුව Open  වෙනවා නේද?අන්න එහෙම මොහොතකින් ගණුදෙනුවක් දැමීමට අපට අවශ්‍ය නම් අපි භාවිතා කල යුතු වන්නේ මෙම Instant Order ක්‍රමය වේ.වෙළදපල යම් වෙනසකට පත් විය හැකි යැයි ඔබට හැගී ගිය විට ඔබට එක වරම මෙම ක්‍රමය මගින් ගණුදෙනුවක් යොදා ලාභ ලබා ගත හැකි වේ.මෙය විටෙක අපට ඉතා වාසිදායක ක්‍රමයකි.නමුත් ඔබට විටෙක අවාසිදායක ක්‍රමයක්ද විය හැකිය.මොකද අපි කලබල වී ගණුදෙනුවක් යෙදුවහොත්, ඉන්පසු වෙළදපොල අනෙක් අතට ගිය හොත් ඔබට අලාභ ඇතිවිය හැකි බැවිනි.එම නිසා මෙම ක්‍රමය හොදින් තීරණය කර ගනුදෙනු යෙදිය යුතු ක්‍රමය වේ.නමුත්, අපගේ පලපුරුද්ද ඇත්නම් සාර්තකම ක්‍රමයද මෙය වේ.

2.Pending Order

Instant Order තැන Click කල විට එයට පහලින් Pending Order ලැබේ.එය Click කරන්න.එවිට ඔබට පහත ආකාරයේ Window එකක් ලැබේ.



මෙම Pending Order යනු අපට යම් අවස්තාවක Online සිටීමට නොහැකි වු විටක හෝ Online සිටියද එම මොහොතේ වෙළදපල ගණුදෙනු යෙදීමට නුසුදුසු යැයි ඔබට සිතෙනා අවස්තාවක අපට පසුව Open වීම සදහා ගණුදෙනුවක් යෙදිය හැකි ආකාරය මෙය වේ.එනම් මේ මොහොතේ Gbp / Usd වල අගය 1.6000 යැයි සිතන්න.එවිට ඔබට Buy ගණුදෙනුවක් යෙදීමට අවශ්‍ය වුවද වෙළදපල හැසිරීම අනුව ඔබ එය නොකරයි.එනම් ඔබ 1.5980 දක්වා වෙළදපල පහල බසී යැයි සිතනා විටෙක ඔබට මෙම Pending Order මගින් එය 1.5980ට Buy ගණුදෙනුවක් Open වීමට සැකසිය හැකි වේ.එනම් පහත රූපයට අනුව.



Pending ගණුදෙනුවක් යොදන ආකාරය.

  • මුලින්ම Pending Order තෝරා ගන්න.ඉන්පසු ඔබ Buy Limit හෝ Sell Limit තෝරා ගත යුතු වේ.අප යොදන්නේ Buy ගණුදෙනුවක් බැවින් Buy Limit තෝරා ගන්න.Sell ගණුදෙනුවක් දැමීමට ඔබට අවශ්‍යය නම් Sell Limit තෝරා ගන්න.
  • at price සදහා 1.5980 දමන්න.(ඉහත ගණුදෙනුවට අදාලව)
  • ඉන්පසු Place - Click කරන්න.(නිල් පාට Button එක)

දැන් වැඩේ හරි.දැන් ගණුදෙනුව Open වුනාට පසු Balance එකට යටින් එය පෙන්වනු ලැබේ.(Balance එක තියෙන තැන මතකනේ ඔයාලට) මොකද මෙය තවමත් අක්‍රීය ගණුදෙනුවක් බැවිනි.1.5980 දී මෙය ස්වයක්‍රීයවම Buy ගණුදෙනුවක් බවට සක්‍රීය වේ.

3.Take Profit

මෙයත් අප හොදින් දැන ගත යුතු දෙයකි.හොදින් ලාබ ලබා ගැනීමට නම්, එනම් අප අන්තර්ජාලයේ නොසිටින විටක හෝ අප Market එකේ ගණුදෙනුවක් Open කලද තවමත් එය ඔබ සිතනා ලාභයට පැමිණ නැත්නම් අපට මෙම Take Profit භාවිතා කිරීමෙන් අප බලාපොරොත්තු වන අගයේදී ලාභය ලබා ගත හැකි වේ.

 උදා:

අපි 1.6000 දී Buy ගණුදෙනුවක් Open කලා යැයි සිතන්න.නමුත් වෙළදපල 1.5990 දක්වා පහල ගොස් ඇත.මෙවැනි විටක අප ගණුදෙනුව කලොත් අපට 10 පාඩු වේ.10 කිව්වට මේකට කියන්නේ Pips කියලා.ඒ කියන්නේ pips 10ක්.ඊලග ලිපියෙන් එය කියාදෙන්නම් ඔයාලට Pips ගැන.එම නිසා අපට ලාභයක් ගැනීමට නම් 1.6000 ට වඩා වෙළදපල ඉහල යා යුතු වේ.ඔබට මා ඉහත කිවු පරිදි Online සිටීමට නොහැකිව හෝ Online සිටියද ඔබ වෙනත් වැඩක යෙදී සිටින විටක අපට ලාභයක් ලබා ගැනීමට පහසුවක් වීමට නම් මෙම Take Profit සැකසිය හැකි වේ.


මෙය Instant Order වලදී එකවර කල නොහැකි වේ.නමුත් ගණුදෙනුව Open වු පසු එහි ඇති Take profit - Double Click කිරීමෙන් එහි එන Window එකේ 1.6010 වශයෙන් දමා Modify Click කිරීමෙන් මෙය සකසා ගත හැකි වේ.(එනම් Pips 10ක් ලාභ වන ආකාරයට වේ.)එවිට ඔබට ගණුදෙනුව පෙන්වන තැන Take Profit හි අප දැමූ 1.6010 වටිනාකම දිස්වනවා ඇත.පහත රූපය බලන්න.


නමුත් අපට Pending Order එකේදී නම් ගණුදෙනුව Open කරනා විටම Take profit ඉහත මා කිව් පරිදිම සකසා ගණුදෙනුව Open කල හැක.පහත රූපය බලන්න.



4.Stop Loss

Take Profit වගේම මෙයද ඉතා වැදගත් දෙයකි.එනම් අප Buy ගණුදෙනුවක් Open කල පසු වෙළදපල විශාල වශයෙන් පහලට ගියහොත් අපට පාඩුවක් සිදු වේ.මෙම සිදුවන පාඩුව අවම කර ගැනීමට අප භාවිතා කරන ක්‍රමය Stop Loss වේ.

Take Profit හි මා කිවු දෙයාකාරයටම( Instant Oreder හාPending Order ආකාර )මෙයද අපට සකසා ගත හැකි වේ.ඒ සදහා එම අදාල ස්තාන වල Stop Loss ස්තානයට ඔබ එම අදාල අගයයන් ඇතුලත් කල යුතු වේ.එනම් ඉහත උදාහරණයට අනුවම,

අප 1.6000 දී යෙදූ Buy ගණුදෙනුව වෙළදපල විශාල වෙනස්වීමකදී පහත යා හැකිය.එවිට අපට Stop Loss යොදා 1.5960 හෝ 1.5940 වැනි අගයකදී අපගේ සිදුවන අලාභය අවම කර ගත හැකි වේ.නැත්නම් වෙළදපල 1.5800 වැනි අගයක් දක්වා පහල ගියහොත් ඔබට සිදුවන අලාභය විශාල වන බැවිනි.අප මෙම Stop Loss අගය සැකසීමේදී සාමාන්‍යයෙන් Pips 40-60 අතර පරතරයක් තබා ගැනීම උචිත වේ.

ඔයාලට තේරෙන්නේ නැත්නම් මෙයද බලන්න.

1. 1.6000 දී Buy ගණුදෙනුවක් නම් Stop Loss 1.5960 හෝ 1.5940.
2. 1.6000 දී Sell ගණුදෙනුවක් නම් Stop Loss 1.6040 හෝ 1.6060

ආදී වශයෙනි.

අප සෑම ගණුදෙනුවකදීම මෙම Stop Loss අගය නොදැමිය යුතු වේ.ඔබට වෙලළදපල පිලිබද සැකයක් පවතින විටක මෙය අනුගමනය කිරීම වඩා උචිත වේ.මොකද අප ගණුදෙනුවක් Open කල පමනින් අපට ලාභ සෑම විටකදීම නොලැබෙන බැවිනි.ඔබ හොදින් පුහුණු ගිණුමේ මෙය අත්හදා බලන්න.

ඉතින් මම ඔයාලට අද කියා දුන්නු කරුණු කාරනා හොදින් අත්හදා බලන්න ඔයාලගේ Practise Account එක හරහා.අප සතියක් දෙකක් පමණ මෙම ක්‍රම එකින් එක ඉතා හොදින් පුරුදු පුහුණු විය යුතු වේ.මොකද ඊට පසුව අපට තියෙන්නේ Real Account එකේ මුදල් තැන්පත් කරලා ගණුදෙනු දාන්න.එම නිසා මෙම මූලික දේවල් ඔයාලට හොදටම පුලුවන් වෙලා තියෙන්න ඕන යාලුවනේ.මොකද Real Trading වල අපට අත්හදා බැලීම් කරන්න බෑ.මොකද ඒ අපේ ඇත්ත මුදල්.ඒවා අපි නිසි පරිදි ගණුදෙනු යෙදීම සදහා භාවිතා කල යුතු වෙනවා.ඒ නිසා මම නැවතත් ඔයාලට කියන්නේ අද මම කියපු කරුණු කාරනා ඉතා හොදින් පුහුණු ගිණුම් වල කරලා පුරුදු පුහුණු වෙන්න කියලයි .

ඊලග ලිපියෙන් ඔයාලට Pip, Lots ආදී තවත් දෙවල් ටිකක් කියා දෙන්නම්.එතකන් ඔයාලට ජය වේවා...

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement