ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD


ඉතින් කොහොමද යාලුවනේ.කලින් ලිපියේ තිබුන දේවල් ඔයාල පුහුණු ගිණුමේ හොදින් පුරුදු පුහුණු වුනා නේද?ඒ හැම එකක්ම කීප වාරයක්ම කරල හොදට පුරුදු පුහුණු වෙන්න ඕන.මොකද අපට ඇත්ත ගණුදෙනු දමන්න යද්දී මේ හැම දෙයක්ම ගොඩක් ප්‍රයෝජනවත් වන නිසයි.

දැන් ඔයාලට Forex ගැන අවබෝදයක් තියෙනවා නේද?අද අපි හදන්නේ එම අවබෝදය තව ටිකක් වැඩි කර ගන්න.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Pips, Lots, Leverage, Margin, Free Margin වගේ Forex වලදී අප දැන ගත යුතුම දෙවල් කීපයක්.හරිම සරලයි.හොදින් කියවා තෙරුම් ගන්න යාලුවනේ.

1.Pips

Eur/Usd  ,  Gbp/Usd  හෝ ඕනෑම මුදල් කාණ්ඩයක අගය ඉහල පහල යන අගයයන් Pips වශයෙන් හදුන්වයි.එනම් අපි Gbp/Usd මුදල් කාණ්ඩය ගත්තොත් එහි 1.6000 සිට 1.6010, 1.6050, 1.6100  ආදී වශයෙන් වෙනස් වු වා නම් මෙම Pips පිලිවෙලින් 10, 50, 100 ආදී  වශයෙන් වැඩි වී ඇත.අඩු වීමද මෙලෙසටම වේ.

උදා:   1.6000 සිට 1.6050  -  Pips 50ක් වැඩි වී ඇත.
          1.6000 සිට 1.5950  -  Pips 50ක් අඩු වී ඇත.

මම ඔයාලට පහත කියාදීමට යන Lots අගය මත Pip 1කට අපට ලැබෙන ලාභය වෙනස් වේ.හොදින් බලන්න ඒ ගැන.

2.Lots

ඔයාලට මතකද යාලුවනේ මම කිව්වා මේ ලිපියෙන් අනිවර්යයෙන්ම මම Trading Window එකේ තිබුන Volume ගැන කියා දෙනවා කියලා.අන්න ඒ Volume අගයයන් (0.10, 0.20) තමයි අපි Lots කියලා හදුන්වන්නේ.අප Trade දැමීමට පෙර මෙම Lots ගැන හොද අවබෝදයක් තිබිය යුතුම වෙනවා.මොකද නැත්නම් අපි යොදවන මුදල ඉක්මනටම Loss වෙන්න පුලුවන් නිසයි.සමහරු බාගෙට ඉගෙන ගෙන මුදල් යොදවලා ඉහල ලොට් අගයක Trade කරලා තමන්ගෙ සල්ලි නිකරුනේ නැති කර ගන්නවා.Forex බට්ටගෙන් ඉගෙන ගන්න අය එහෙම වෙනවට මම කැමති නෑ.ඒකයි මම කිව්වෙ අපි අදික තන්හාවෙන් මෙහි ගණුදෙනු නොයෙදිය යුතුයි කියල මුලදිම.

අපි බලමු lot  1ක් කියන්නේ Usd කීයක්ද කියල මුලින්ම

Gbp / Usd අගය 1.6000දී අපි Gbp Lot 1ක් මිලදී ගන්නවා නම්,

1.6000 * 100000   (මෙම 100000 නියත අගයක් වේ.)

160000 Usd අවශ්‍යය වේ.


එනම් Gbp Lot 1ට අවශ්‍යය Usd  ප්‍රමාණය 160000ක් වේ.


අපිට කවදාවත් වලට මෙච්චර ලොකු ගානක් Invest කරලා Trade කරන්න වෙන්නේ නෑ නේද යාලුවනේ.(160000*130) වැඩි කරල බලන්නකෝ කීයක්ද කියලා.සෑහෙන්න ලොකු ගාණක් නේද?අපි එච්චර ලොකු සල්ලිකාරයෝ නෙවෙයිනේ නේද? අන්න ඒ නිසා අපට සිදුවෙනවා අපිට මිලදී ගන්න පුලුවන් ප්‍රමාණයට Leverage මගින් මෙම අගය නැවත කුඩා කොටස් වලට බෙදා ගන්න.

3. Leverage

ඔයාලට මතකද යාලුවනේ අපි Real Account මෙන්ම Practise Account හදද්දී 1:200 කියලා දාලා පිරෙව්වා.අන්න ඒ 1:200 තමයි අපි Leverage කියලා හදුන්වන්නේ.මම ඔයාලට එම අගය 1:200 දමා පුරවන්න කිව්වේ අපට ගණුදෙනු යෙදීමට හොදම Leverage අගය මෙය වන බැවිනි.

අපි බලමු කොහොමද 160000ක් වන ලොට් 1ක අගය කුඩා කරගන්නේ කියලා.

එනම් මෙම Leverage මගින් Gbp Lot 1ක අගය වන  160000 කොටස් 200කට බෙදා ඉන් 1ක් කොටසක් අපට මිලදී ගත හැකි වනා අයුරින් අපට සකසා දීමයි මෙයින් සිදු වන්නේ.

160000/200  =  800 Usd

දැන් ගාන ටිකක් අඩු වුනා නේද යාලුවනේ.ඒත් ටිකක් ලොකු අගයක් නේද?අපි දැන් බලමු කොහොමද අපි මෙම කුඩා වුනු අගය අපගේ ගිණුම් වලට ගලපා ගන්නේ කෙසේද කියලා.වැඩේ ලේසියි යාලුවනේ.

අප සදහන් කල Lots වල,

** Practise Account එකේ අවම අගය වන 0.10 මිලදී ගැනීමට අපට යන මුදල සොයා ගමුද?

එනම් අපි ලොට් එකක අගය 200න් බෙදා කුඩා කරගත් 800 Usd,

800*0.10  = 80 Usd ප්‍රමාණයක් අවශ්‍යය වේ.

** Real Account එකේ අවම අගය වන 0.01 මිලදී ගැනීමට නම් අපට අවශ්‍යය වන මුදල සොය ගමුද දැන්?

800*0.01 = 8 Usd ප්‍රමාණයක් අවශ්‍යය වේ.

දැන් ඔයාලට තේරෙනවා නේද යාලුවනේ අපිට 160000 Usd  දීලා ගන්න තියෙන Lot එකක් මෙම Leverage මගින් කුඩා කරලා ඕනෑම කෙනෙකුට ගණුදෙනු යොදන්න පුලුවන් ආකාරයට සකසා ගත හැකි බව.

දැන් ඔයාලා Practise Account වලදී 0.10 හා Real Account වල 0.01 ක Lot Size ගණුදෙනුවක් Open කිරීමට යන මුදල් ප්‍රමාණ පොඩ්ඩක් සලකා බලමු.

එනම්,

Practise Account 0.10 -   80 Usd අවශ්‍යය වේ.
Real Account 0.01       -     8 USd  අවශ්‍යය වේ.


මේ පිලිබදව වැඩි දුරට ඊලග ලිපියෙන් කියා දෙන්නම් යාලුවනේ.

3.Margin

එනම් ඔයාලා 100$ යොදා 0.01 Lot Size ගණුදෙනුවක් Gbp / Usd 1.6000දී Open කලා නම් අපට අවශ්‍යය වන ප්‍රමාණය 8$ වේ.මෙම ප්‍රමාණය අප Margin ලෙස හදුන්වයි.



4. Free Margin

එනම් අප අයෝජනය කල 100$ යොදා 8$ ගණුදෙනුවක් යෙදුවහොත් අපට තවත් 92$ ඉතිරි වේ.මෙම ප්‍රමාණය අපේ Free Margin එක වේ.මෙම Free Margin එක අප යෙදු මුදලින් 60%කට වඩා වැඩියෙන් තිබෙන ආකාරයට අප ගණුදෙනු යෙදිය යුතු වේ.එනම් 100$ යොදා අප එක් ගණුදෙනුවක් පමනක් Open කිරීම අනිවාර්යය වේ.

හරිම ලේසියි නේද යාලුවනේ. මම ඔයාලට ඉහත ගණන් හදලා ඔයාලට පෙන්නුවේ ඔයාලට මේ පිලිබදව අවබෝදයක් ඇති කර වන්න ඕන නිසයි.අපි Real Trade කරද්දී මෙච්චර ලොකුවට ගණන් හදන්න යන්නෙ නෑ යාලුවනේ.අපට සමාන්‍යයෙන් Gbp/Usd මෙන්ම Eur/Usd ගණුදෙනුවක් Open කිරීමට 5$-10$ අතර මුදලක් වැය වෙනවා.ඔයාට ඇත්ත ගණුදෙනු දාද්දී තේරෙයි මේ කාරණාව හොදටම.

ඉතින් මම අද ඔයාලට මේ කියපුවා එක පාරක් දෙපාරක් තුන්පාරක් හෝ නොතේරෙනවනම් ඊටත් වඩා කියවල හොදටම තෙරුම් ගන්න.මොකද අපි ගණුදෙනු කරන්න යන්නේ අපේ සල්ලිත් එක්ක.ඒ නිසා අපේ මුදල් හොදින් කලමණාකරනය කර ගන්න මේ කියන්නා වු සෑම කාරණාවක්ම හොදින් කියවා තෙරුම් ගන්නම වෙනවා.ඊලග ලිපියෙන් පසු මම ඔයාලට මුදල් තැන්පත් කර ගන්න හැටි කියා දෙන්නම්.ඒ නිසා අපිට ඇත්ත ගණුදෙනු දාන්න තව වැඩි දවසක් නෑ යලුවනේ.හොදින් පුහුණු ගිනුමේ ගණුදෙනු යොදන්න ඔයාලා පුරුදු වෙන්න.ඒ එක්කම වෙළදපල හැසිරෙන ආකාරය පිළිබදවත් අවබෝදයක් ගන්නත් උත්සහ කරන්න.තවත් දෙයක් නම් ඔයාලා පුහුණු ගිනුමේ ලාභ ගන්නම උත්සහ කරන්න දැන් දැන්.අපිට පාඩු විදින්න බෑනේ යාලුවනේ.ඒ නිසා අපි සෑම ගණුදෙනුවක්ම ලාභ ගන්නවා කියන පරමාර්තයෙන් තමයි යොදන්න ඕන.තෙරුනාද ඔයාලට?

අද මම විස්තර කලා වැඩිද මන්දා.අපි තවත් ලිපියකින් හමුවෙමු.එතකන් ඔයාලට


                                                                                        ජය වේවා.

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement