ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD


 ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට.කලින් ලිපිය ඔයාල හොදින් කියවා තේරුම් ගත්තා නේද?දැන් ඔයාලා Forex වල ගොඩක් දේවල් දන්නවා.තව දැනගන්න දේවල් තියෙනවා.ඒවත් මම එකින් එක ඔයාලට කියල දෙන්නම්.අද මම ඔයාලට මෙම ලිපියෙන් කියාදීමට යන්නේ අපි කොහොමද ගණුදෙනු යොදද්දී පරිස්සමින් අපේ මුදල් කළමණාකරනය කරගෙන ගණුදෙනු යොදන්නේ කියන එකයි.

කලින් ලිපියෙන් මම කතාව පටන් ගන්නම්.බලන්න ඔයාලට මතකද කියලා...

 Practice Account 0.10  -  80 Usd අවශ්‍යය වේ.
 Real Account  0.01       -    8 Usd අවශ්‍යය වේ.

මතකයි නේද ඔයාලට මේ කාරනාව.එනම් පුහුණු ගිණුමේ අවම Lot අගයට හා Real ගිණුමේ අවම Lot අගයට ගණුදෙනුවක් Open කිරීමට යනු ලබන Usd ප්‍රමාණය වේ.අපි Real ගණුදෙනු දැමීම ආරම්භ කල පසු අප Practice Account වල සිට අපගේ ඇත්ත ගිණුමට Log වීමේදී මතක තබා ගත යුතු වැදගත්ම කාරණාව නම් 0.10 අගය Real ගිණුමේදී අවම අගය වන 0.01 දක්වා කුඩා කර ගත යුතු වීමය.ඒ පිලිබදව හොද අවදානයෙන් ගණුදෙනු යොදන්න යාලුවනේ.ඔබ එසේ නොකලහොත් ඔබට පේනවනේ අපි 100$ අයෝජනය කර ආරම්භ කරනු ලබන ඇත්ත ගිණුමට එකවර 0.10 Lot අගයක් සහිතව ගණුදෙනුවක් අප නොසැලකිලිමත්ව දැමුවහොත් 80$ අපට එම ගණුදෙනුව සදහා වැය වේ.

එනම් මා Pips වල අවසානයටම ඔයාලට සදහන් කල Lots අගය මත අපට ලැබෙන ප්‍රමාණය වෙනස්වීම මෙයට අදාල කර ගත හොත් අපට 1$ බැගින් එක Pip 1කට ලැබේ.ලැබෙද්දි එහෙමයි.නමුත් බැරිවෙලාවත් වෙළදපල අනෙක් පැත්තට ගියොත් Pips 100 න් ඔයා Loss.ඒ නිසා අපි Real ගිණුමේදී 0.01 අගය අනිවාර්යයෙන්ම යොදා ගණුදෙනු යෙදීම කල යුතු වෙනවා.

මේ කාරණාව ඔයාලට තවත් සරල කරල කියන්නම් මම.එනම්,

Practice - 0.10    - 80usd අවශ්‍යය වේ.
Real       - 0.01    -    8usd අවශ්‍යය වේ.

ඔයාලට පේනවා නේද Real ගණුදෙනුවක් ආරම්භ කරන්න යන මුදල වගේ 10 ගුණයක් Practise ගණුදෙනුවක් සදහා වැය වන බව.එනම් 0.10 ට 0.01 ඒවා 10ක් ඇති බව තමා ඔය මම කිව්වේ.

කලින් මම ඔයාලට කිව්වේ Practice ගිණුමේ 0.10 ගණුදෙනු යොදා Real එකට ආවිට මතක ඇතුවම 0.01 ට Lot Size මාරු කර ගන්න කියා මෙම 10  ගුණයක වෙනස නිසාවෙනි.

එනම් Real ගිණුමේ 0.01 ගණුදෙනුවක් සදහා එක Pip 1කට 0.10$ බැගින් අපට ලැබේ.නමුත් 0.10ක Lot Size ගණුදෙනුවක් සදහා 1$ක බැගින් ලැබේ.නමුත් නොසිතූ ලෙස වෙළදපල අනෙක් පැත්තට ගියොත් ඔබ Loss වෙන්න පුලුවන්.තවත් මෙය පැහැදිලි කලොත්,

100$ ආයොජනය කර,

                                                                          Pip 1කට ගෙවන මුදල
  • 0.10 ගණුදෙනුවට 80$ අවශ්‍යය වේ                      1 $
  • 0.01 ගණුදෙනුවට   8$ අවශ්‍යය වේ                 0.10 $

  •  එනම්  0.10 Lot Size  සදහා අපට හිමිවන Pips ගණන
               100$/1$  = 100කි.

  • 0.01 Lot Size සදහා අපට හිමිවන Pips ගණන   
               100$/0.10$  = 1000කි.


දැන් හොදටම තේරෙනවා නේද යාලුවනේ කතාව ඔයාලට.අප Open කරන ගණුදෙනුව 0.10 වුවහොත් අපට Pips 100 ලැබෙන්නේ අවදානමක් දරා ගැනීමට වුවහොත්.නමුත් අපි 0.01 ගණුදෙනුවක් Open  කලොත් අපට Pips 1000 ලැබෙනවා අවදානමක් ඇති වුවහොත් එය දරා ගැනීමට.

 එනම් අප 1.6000දී 0.01 lot Size GBP / USD Sell ගණුදෙනුවක් යෙදුවා යැයි සිතන්න.නොසිතූ ලෙස 1.6000 ට වඩා වෙළදපල ඉහල ගියහොත් අපට අවදානම දරා ගැනීමට  1.7000 දක්වා හැකියාව පවතිනවා.එක් දිනකදී එක් සතියකදී මෙය Pips 1000 දක්වා කිසිසේත්ම වෙනස් විය නොහැකි බව කිව යුතුයි ඔයාලට.එම නිසා ඔබ මින් තෙරුම් ගත යුතු දෙය නම් සෑම විටම Real ගිණුමේ 0.01 ගණුදෙනුවක් පමනක් යෙදිය යුතු බවය.

මේ කියපු ටික හොදට තේරුම් ගන්න ඔයාලා.නැත්නම් මම මෙච්චර දවසක් ලියපු ලිපි වලින් වැඩක් නැති වෙනවා.ඒ නිසා සෑම ලිපියක්ම හොදින් කියවා තේරුම් ගන්න යාලුවනේ.ඊලග ලිපියෙන් මම ඔයාලට මුදල් තැන්පත් කරන හැටි කියා දෙන්නම්.එතකන් ඔයාලට

                                                                                       ජය වේවා.....


Thank You

http://forexbatta.blogspot.com/

Advertisement