ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.අනාගතේ සරු කර ගමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

Our Facebook Page

Forex Batta

http://forexbatta.blogspot.com/

Advertisement

Forex Batta Status

http://forexbatta.blogspot.com/
FOREX IS BETTER EARNING SYSTEM IN THE WORLD


හොදයි යාලුවනේ, එහෙනම් දැන් අපිට තියෙන්නේ Forex Trading එහෙමත් නැතිනම් Forex වල ගණුදෙනු දාලා පුරුදු වෙන්න.මම ඔයාලට Forex පිලිබද හැදින්වීමේ සිට Forex හි Real Account  එකක් Open කර ගැනීම දක්වාම කලින් ලිපි වලින් කියා දුන්නනේ යාලුවනේ.තව මම එහි ඔයාලට Real Account එකට මුදල් තැන්පත් කිරීම හා මුදල් ආපසු ලබා ගැනීම පමණයි කියා දීමට තිබෙන්නේ.මොකද ඊට පසු තිබෙන ලිපි සියල්ලක්ම ගණුදෙනු යෙදීම සම්බන්දයෙන් වන ඒවා නිසාය.මම අද සිට ගණුදෙනු යෙදීම සම්බන්ද ලිපි ආරම්භයේ සිට සරලව එකින් එක ඔයාලට කියා දෙන්නම්.
ඒ අතරතුර මුදල් තැන්පතු හා ආපසු ගැනීම පිලිබද ලිපියත් ඔයාලට ලබා දෙන්නම්.මොකද අපි ඇත්ත ගණුදෙනු දාන්න කලින් හොද පුහුණුවක් ලබා ගන්න ඕනනේ යාලුවනේ.පුහුණුව,අවබෝදය,කැපවීම තිබුනොත් ඔයාලට පහසුවෙන් Forex හි ගණුදෙනු යොදා ලාභ ගන්න පුලුවන් වෙනවා.හොදයි අපි එහෙනම් බලමු කොහොමද ගණුදෙනු දැමීම ආරම්භ කරන්නේ කියනවග මෙතැන් සිට.

අපි Download කරගෙන අපට පහසු පරිදි සකසා ගත් MT4 මෘදුකාoගය මගින් තමයි ගණුදෙනු දැමීම කල  යුත්තේ.ඔයාලා මේ සදහා පලමුව MT4 මෘදුකාoගය Open කර ගන්න.මතක ඇතුවම Internet එකට Log වෙලා Open කරන්න.මොකද මේ Online Trading නිසා.හරි අපි දැන් MT4 එක Open කර ගත්තානේ.ඔයාලට මතකනේ කලින් ලිපියකත් මම මෙහි පින්තූරයක් දැම්මා.නැවතත් ඔයාලට පහසුවක් වෙන්න මම පහත දාන්නම් එහි පින්තූරයක් ඉදිරියට කරනු ලබන පැහැදිලි කිරීම් පදනම් කර ගෙන.

අපි මෘදුකාoගය Open කරගෙන ගණුදෙනු යොදන හැටි තමයි දැන් පුරුදු වෙන්න යන්නේ.අපට Forex Trading වල වැදගත්ම දේ තමයි ගණුදෙනු යෙදීම.මොකද අපි ගණුදෙනුවක් නොයෙදුවොත් අපට ලාභයක් නෑ.ලාභයක් නැත්නම් ආදායමකුත් නෑ.එම නිසා අපි ගණුදෙනුවක් නිවැරදිවම Open කර ගන්නා හැටි බලමු දැන්.එය පහත කුමන ආකාරයකින් හෝ අපට සිදු කර ගත හැකි වේ.එවිට අපට පහත ආකාරයේ Trading Window එකක් Open වෙනවා දැක ගත හැකි වේ.


Trade එකක් / ගණුදෙනුවක් Open කර ගන්නා අයුරු

1.Market Watch එකේ තියෙන Gbp/Usd  Right Click කර එහි New Order - Click කිරීමෙන්
2.Market Watch එකේ තියෙන Gbp/Usd   Double Click කිරීමෙන්
3.MT4 එකේ තියෙන Menu Bar එකට පහලින් තිබෙන New Order - Click කිරීමෙන්

මේ අයුරින් අපට ගණුදෙනුවක් Open කර ගත හැකි වේ.පහත රූප රාමුවෙන් මා එම අදාල ස්තාන රතු වර්ණයෙන් කොටුකර දක්වා තියෙනවා.සොයා ගැනීමට අපහසු අය සිටියා නම් එම පින්තූරයට අනුව තැන සොයා ගන්න.




හොදයි යාලුවනේ එහෙනම් මා ඉහත කියා දුන් ආකාරයට ඔයාලා දැන් Trading Window එකක්  Open කර ගන්න. හොදයි අපි දැන් බලමු එහි තිබෙන දෑ එකින් එක.

  • Symbol යනු ඔබ Open කිරීමට යන ගණුදෙනුවට අදාල මුදල් වර්ගය වේ.(Gbp/Usd, Great Britain Pound vs US Dollar වශයෙන් එහි තිබේ.) 
  • Volume යනු අප Open කරනු ලබන ගණුදෙනුවේ ප්‍රමාණය වේ.එනම් ඔබගේ Demo Account එකේ මෙම ප්‍රමාණය 0.1 සිට 8.00 දක්වා තිබේ.නමුත් Real Account එකේ මෙම ප්‍රමාණය 0.01 සිට 8.00 දක්වා තිබේ.එම වෙනස මා ඔබට පසුව පැහැදිලි කරන්නම්.දැනට මෙය ගණුදෙනුවේ ප්‍රමාණය බවට මතක තියා ගන්න. 
  • Stop Loss හා Take Profit පසුව කියා දෙන්නම්.
  • Order Type Instant තබන්න දැනට.එහි Instant, Pendingවෙනස ඊලග ලිපියෙන් කියා දෙන්නම්.
  • Buy හා Sell ඔයාල දැනටමත් දන්නවනේ.මතක නැත්නම් (මෙතැනින් බලන්න.)

Trading Window එකක මා ඉහත කිවු ආකාරයේ විස්තර තමයි තියෙන්නේ.දැන් ඔයාලා 0.1 ගණුදෙනු කීපයක් දාන්න.ඊට පෙර කිව යුතුම දෙය නම් අපි ගණුදෙනු දැමීමට Eur/Usd හා Gbp/Usd  Currency Pair දෙක පමණක් භාවිතා කරමු.මොකද ඒවායේ ගණුදෙනු යෙදීම අපට පහසුයි.ඒවාට විශාල News ප්‍රමාණයක් ලැබෙනවා.ඒ මත පදනම්ව අපට ගණුදෙනු යොදා ලාභ ලබා ගත හැකි වෙනවා.

මෙම 0.1 ගණුදෙනු ඔයාලා Buy මෙන්ම Sell  ගණුදෙනුද කීපයක් යොදන්න.ගණුදෙනුවක් යොදා ටික වේලාවකින් තව ගණුදෙනුවක් යොදන්න.එවැනි ගණුදෙනු 5-10ක් යොදන්න.බයවෙන්න එපා මේ බොරු සල්ලිනේ.අපගේ ඇත්ත මුදල් වලින් නම් අපි 0.01 ගණුදෙනු තමා යොදන්නේ.එක් වරකට එක් ගණුදෙනුවයි අපි යොදන්නේ.ඇත්ත ගිණුමේදී එම කාරණාව හොදින් මතක තියාගන්න ‍යාලුවනේ.

ඔයාලා දැන් ගණුදෙනු කීපයක් Open කරගත්තානේ.ඔයාලගේ මෘදුකාන්ගයේ පහල මෙවැනි ආකාරයට තියෙන්න ඕන ගණුදෙනු Open වුනාම.(අපැහැදිලිනම් පින්තූරය මත Click කර බලන්න.)



ඊලගට යාලුවනේ අපි මේ Open කර ගත්ත ගණුදෙනු එකින් එක හොදින් බලන්න.ඒවායේ අන්තිමට Profit  කියන කොටසේ + මෙන්ම - අගයන් සහිතව ඔබගේ ලාභ හෝ අලාභ තීරුව පෙන්වයි.පහත රූපය බලන්න.(අපැහැදිලිනම් පින්තූරය මත Click කර බලන්න.)

එහි ඔයාලා + අගයයන් පැමිනි ගණුදෙනු වල එම අගය මත Double Click කරන්න.එවිට ඔබට පහත ආකාරයේ Window එකක් ඒවි.එහි Close - Click කරන්න අනිවාර්යයෙන්ම.මොකද අපි ගණුදෙනුව Close කිරීමේදී භාවිතා කරනුයේ Double Click Trading වන නිසාවෙනි.



 එය Close කල පසු එනු ලබන Window එකේ කහ පාටින් තිබෙන Close Button එක Click කරන්න.(පහත රූපයේ දක්වා ඇති පරිදි )

    
එවිට ඔබගේ ගණුදෙනුව Close වී එම + අගය සහිත වටිනාකම $ 1,2 හෝ 3 ආදී වශයෙන් ඊට පහලින් ඇති Balance එකට එකතු වී මුලු වටිනාකම පෙන්නුම් කරනු ලබයි.පහත රූපයේ කොල පාටින් කොටු කර දක්වා ඇත.එහි ඇති අනෙකුත් තොරතුරු ( Equity , Margin , Free Margin , Margin Level ) පසු ලිපියකින් මා ඔබට පැහැදිලි කරන්නම්.



ඔය ආකාරයට තමයි අපි ගණුදෙනු Open කරන්නෙත් Close කරන්නෙත්.ඔයාලා තව ගණුදෙනු අති තරම් දාලා පුරුදු වෙන්න.Forex වල ප්‍රායෝගික පුහුණුවේ "අ" තමා මේ."අ" පුලුවන්නම් අපට ඊලග පියවරවල් වලට ඉතා පහසුවෙන් යා හැකි වේ.මොකද මෙම ගනුදෙණු  Open හා Close කිරීම එතරම්ම වැදගත් වේ.සෑම තත්පරයක් පාසාම Forex Market එක වෙනස් වෙනවා.එම නිසා අපි ඉතා ඉක්මනින් ගණුදෙනු  Open කිරීම මෙන්ම ලාභ ලැබෙන විට ( + අගයක් සහිත වන විට ) ඉතා ඉක්මනින් Close කර ගැනීමටද හොදින් පුරුදු පුහුණු විය යුතුය.එවිට ඔබට ලාභ ලබා ගැනීම පහසු දෙයක් බවට පත් වේ.

ප්‍රශ්න තියෙනවනම් අහන්න..

එහෙනම් යාලුවනේ අපි තවත් ගණුදෙනු සම්බන්ද ලිපියකින් හමුවෙමු.එතකන් ඔයාලට  

                                                                                         ජය වේවා...

2 comments

  1. Johnarf  

    Ela...:D

  2. අනන්තයෙන් එහා  
    This comment has been removed by the author.

Post a Comment

Thank You

http://forexbatta.blogspot.com/

Advertisement